logo
Powered by Allsl.Com
Loading...

aurudu
Share Using: Facebook | Twitter

. Sinhala Aurudu Songs
2018 - සිංහල අලුත් අවුරුදු නැකැත්

නව සද බැලීම
* 2018 ක් වු මාර්තු මස 18 වන ඉරිදා ද, අප්‍රේල් මස 20 වන සිකුරාදාද නව සද බැලීම මැනවි.

පරණ අවුරුද්ද සදහා ස්නානයට
* අප්‍රේල් මස 12 වන බ්‍රහස්පතින්දා බෝපත් යුෂ මිශ්‍ර නානුද ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදි වාසය මැනවි.

අලුත් අවුරුදු උදාව
* අප්‍රේල් මස 14 වන සෙනසුරාදා පූර්ව භාග 8.13 ට සිංහල අලුත් අවුරුද්ද උදා වෙයි

පුණ්‍ය කාලය
* අප්‍රේල් මස 14 වන සෙනසුරාදා පූර්ව භාග 1.49 සිට අපර භාග 2.37 දකුවා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 14 වන සෙනසුරාදා පූර්ව භාග 1.49 ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත් හැර ආගමික වතාවත් වල යෙදිම ද පුණ්‍ය කාලයේ අපර කොටස තුල එනම් 14 වන සෙනසුරාදා පූර්ව වාග 8.13 සිට අපර භාග 2.37 දක්වා පහත දැක්වෙන අයුරින් වැඩ ඇල්ලීම,ගනුදෙනු කිරීම,ආහාර අනුභවය ආදී චාරිත්‍ර ඉටු කිරිම මැනවි.

ආහාර පිසීම
* අප්‍රේල් මස 14 වන සෙනසුරාදා පූර්ව භාග 10.40 ට නිල් පැහැති වස්ත්‍රාභරණයන් සැරසි උතුරු දිශාව බලා ලිප් බැද ගිණි මොලවා හකුරු මිශ්‍ර කිරි බතක් අග්ගලා සහ තල මිශ්‍ර කැවිල් ආහාරයක් පිළියෙලකර ගැනීම මැනවි.

වැඩ ඇල්ලීම,ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය
* අප්‍රේල් මස 14 වන සෙනසුරාදා පූර්ව භාග 11.53 ට නිල් පැහැති වස්ත්‍රාභරණයන් සැරසි උතුරු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කො ට ආහාර අනුභවය මැනවි.

හිස තෙල් ගෑම
* අප්‍රේල් මස 16 වන සදුදා උදේ 10.16 ට සුදු පැහැති වස්ත්‍රාභරණයන් සැරසි උතුරු දිශාව බලා හිසට දිවුල් පත් ද පයට ඉඹුල් පත්ද තබා දිවුල් පත් යුෂ මිශ්‍ර නානුද ගා ස්නානය කිරීම මැනවි.

රැකිරක්ෂා සදහා පිටත්ව යාම
* අප්‍රේල් මස 19 වන බ්‍රහස්පතින්දා උදේ 6.03 ට රන්වන් හෝ කහ පැහැති වස්ත්‍රාභරණයන් සැරසි කිරි බත් හා හකුරු මශ්‍ර ආහාරයක් අනුභව කර නැගෙනහිර දිශාව බලා පිටත්ව යාම මැනවි.

Online 1234
Follow Us On:
Facebook   Twitter  You Tube
Google+